Wednesday, August 28, 2013

යථාර්තයෙන් බිඳක්

දුප්පත් අසරණ දෙමව්පියන්ගේ ළමයි විශ්වවිද්‍යාලයට පා තබන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතුව. තමන්ගේ ළමයෙක් විශ්වවිද්‍යාලයට තේරෙනවා කියන එක පවුලටම නම්බුවක් ලෙසයි සලකන්නේ. ඒත් කැම්පස් ඇවිත් මේ ළමයි මොකද්ද කරන්නේ? රෙදි නැතුව තමන්ගේ සීනියර්ලට, දේශපාලන පක්ෂ වලට කඩේ යනවා.

නවක වද කාලෙදිම මේ ළමයින්ව නිදහස් අධ්‍යාපනය රැකගැනීම කියන සුන්දර බොරුවට ඇදලා ගන්නවා. ඔබත් මමත් දිනපතාම පාරවල් වල දකින දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් පැවැත්වෙන  පා ගමන්, පිකට්, තවත් එකී මෙකී සියලු දේ. ඔය කිසිම පා ගමනකට වත් පිකට් එකකට වත් තමන්ගේ කැමැත්තෙන් යන ළමයි ඉන්නවනම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක්.  සාමාන්‍යයෙන් කැම්පස් එකේදි මෙ පිකට් වලට සෙනග ඇදලා ගන්නේ අහවල් බැච් එකෙන් අහවල් පිකට් එකට මෙච්චර ගණනක් එවන්න කියලා. එහෙම එව්වෙ නැත්තම් අදාල බැච් එකට සොරිම තමයි. ඒ තමයි කැම්පස් සංස්කෘතිය. ඉහළ පුටුවල ඉන්න කිහිප දෙනෙක්ගේ ඕනෑ එපාකම් සපුරගන්න සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම කඩේ යවනවා. 

අලුතෙන් නැවක් ආවම ජේෂ්ඨ සිසුවො කරන්නේ අලුත් නැවේ කට්ටිය කැම්පස් එක ඇතුලේ තියන සම්ප්‍රදායට හුරු කරවගන්න එක. නවක වදය හරි නවක අනුරූපීතාවය ඔය මොන නමකින් කිව්වත් කෙරෙන්නේ ඕක. මෙහිදී බොහෝ සිසුවෝ මොළ ශෝධනයට ලක් වෙනවා. ඒ සිසුවන් මගින් අනිත් සිසුන්වත් මොළ ශෝධනයට ලක් කෙරෙනවා. එහෙම නැති අයව බලෙන් මෙයට යොමු කරවනවා. එහෙමත් බැරි අයව තමයි අල කරලා දාන්නේ. අල කියන්නේ අත්හරින ලද කියන එක. ඔවුන් වෙනත් සිසුන් කොටසක් හැටියටයි ගණන් ගැනෙන්නේ.

විශ්වවිද්‍යාලයට එනවිට බොහෝ සිසුන්ගේ මනසට රිංගවලා තියනවා රැග් විය යුතුයි කියන එක. රැග් වුණේ නැත්තම් කැම්පස් ජීවිතයේ නියම රසය විඳින්න බැහැ කොන් වෙනවා වගේ හැඟීමක් ඔවුන්ට කාවද්දලා තියනවා. මේ නිසා බොහෝ සිසුන් රැග් වෙන්නේ ස්ව කැමැත්තෙන්. රැග් කාලෙදි සිදුවෙන සිදුවීම් වෙනත් ලිපියකින් කතා කරන්නම්. රැග් සීසන් එකෙන් පස්සේ පළමු වසරෙදි නම් තත්වය ශෝචනීයයි. විශ්වවිද්‍යාලයේ සිදුවන හැම වැඩකම වැඩි බර අදින්න වෙන්නේ පළමු වසර සිසුන්ට. කොච්චර හොඳින් පැවරුණු කාර්යය කළත් කවදාවත් ඔවුන්ට හොඳක් අහන්න සිද්ධ වෙන්නේ නම් නැහැ. හැමවෙලේම ජේෂ්ඨ සිසුන්ගේ අණට කීකරු වෙලා ඔවුන්ගේ යටහත් පහත් සේවක පිරිසක් වගේ ඉන්න තමයි සිදු වෙන්නේ.

කිසියම් සිදුවීමක් නිසා ජේෂ්ඨ සිසුන් තරහ කරගත්තොත් වැඩේ ශෝචනීයයි. එම සිසුන් ගැන ආචාර්ය මණ්ඩලයට බොරු කේලාම් කීම දක්වා මෙම තත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම මේ ශිෂ්‍ය සංගම් වල වැඩ වලට වියදම් වෙන්නේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලි. මේ හැම සතයක්ම ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. පිකට් වලට පෝස්ටර් අඳින්න තීන්ත ගන්න පවා වියදම් කරන්නේ කැට ගිහින් හොයාගන්න සල්ලි. ඒ කියන්නේ ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි.


විශ්වවිද්‍යාල සිසුවෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ ඔය දේවල් නෙවෙයි. ඔවුන්ට වියදම් කරන සල්ලි වලට සරිලන දැනුමක් ලබාගෙන අනාගතයේ මේ රටට සේවයක් කිරීමයි වැදගත්. ඔබ විශ්වවිද්‍යාල සිසුවෙක් නම් මදක් හිතන්න ඔබ ඔබේ කාර්යය නිවැරදිව ඉටු කරනවද කියා.

16 comments:

  1. Replies
    1. මොකද්ද ඔබේ අදහස? දැන් කාලේ වෙනස්ද?

      Delete
  2. කතාවට කමෙන්ට් දාන්න කලින් මේකට Friend Connector Gadget එක එල්ලන්න... ඒක Add a gadget- More gadgets වල පළවෙනි පිටුවෙ අන්තිමට තියෙනව.. නැත්තං මං වගේ බ්ලොග් 300 පැනපු අයට ෆොලෝ කරන්න බෑ...

    ලියාගෙන යන්න.. මුළ ඉඳලම කැම්පස් අතෑරලා දාපු මට කැම්පස් ගැන හොඳ නරක හොයන්න එච්චරම උවමනාවක් නෑ.. උසස් අධ්‍යාපනය ගැන නෙවෙයි අපේ කැම්පස් සිස්ටම් එක ගැන මට තියෙන්නෙ එච්චර හොඳ හැඟීමකුත් නෙවෙයි.. අනිත් එක විශ්ව විද්‍යාල සිසුවෙක් කියන්නේ කෙලින්ම සමාජයට පය තියන්නෙ නැතුව තවත් සමාජය ඇතුලේ සිස්ටම් එකකට පය තියන කෙනෙක්.. ඒ කියන්නේ තවත් එක රාමුවකට කොටු වෙන කෙනෙක්.. කැම්පස් යෑම කියන්නේ මහා ලොකු දෙයක් කරගෙන ඉන්න අපේ සමාජයෙදි ඒ ළමයි අතරමං වෙනව විතරක් නෙවෙයි සමහරු ජීවිත කාලෙටම ඒ කැම්පස් මානසිකත්වයෙන් එළියට එන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. //උසස් අධ්‍යාපනය ගැන නෙවෙයි අපේ කැම්පස් සිස්ටම් එක ගැන මට තියෙන්නෙ එච්චර හොඳ හැඟීමකුත් නෙවෙයි.. //
      මේ නිසා තමයි දැන් ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවව පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න බලන්නෙ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන.

      Delete
    2. ළමයි කැම්පස් යවන්න ඕනෙ අම්මලා නෙවෙයි.. මගේ හැඟීම නං ළමයි තමයි කැම්පස් යන්න ඕනෙ.. කැම්පස් එකේ තමන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනව නං, තමන්ට ඒක ඉගෙන ගන්න දක්ෂකමක් ආසාවක් තියෙනව නං, ළමයි තීරණය කරන්න ඕ‌ෙන මම කැම්පස් යනව කියල.. එයලා ඒකට මහන්සි වෙන්න ඕනෙ “තමන් ” වෙනුවෙන්... අම්මලා වෙනුවෙන් නෙවෙයි...

      දැන් වෙන්නේ දෙමවුපියන්ගේ ඕනෙකමට කම්පස් ඕනෙ එකයි එපා එකයි හැමඑකාම කැම්පස් රේස් එකේ දුවවලා, අවුරදු 3ක් විතර ඒ ලෙවලුත් කරලා ඊ ළඟට බලාපොරොත්තු සුන් කරගෙන කාලේ නාස්ති කරන එක... යන උන් අපි කැම්පස් කියලා උඩ ගිහින් පිස්සු කෙලිනව... ඇත්තටම මං වැඩකරපු තැන් කීපයෙම කැම්ප්ස ගිය අයට වඩා ඉහල තැන් වල කැම්පස් අතෑරපු අය හිටියා.. ඒ අය කාර්යක්ෂමයි.. සංවේදියි... උත්සාහවන්තයි...

      Delete
    3. ඔව්. ඔබේ අදහස පිළිගන්නවා. තමන්ගේ උවමනාව තියනවානම් තමයි කැම්පස් යා යුත්තේ. කාගෙවත් උවමනාවට කැම්පස් ගිහින් තමන් අකමැති විෂයන් අප්පිරියාවෙන් ඉගෙන ගෙන වැඩක් නැහැ.

      ඇත්තටම කියනවනම් ගොඩක් විශ්වවිද්‍යාල සිසුවෝ කම්මැලියි. ඒ නිසා තමයි ඔවුන්ට මාකට් එකක් නැත්තේ. බොහෝ දෙනෙක්ට තියෙන්නේ තමන් කැම්පස් කියන පුහු ආඩම්බරය විතරයි. එහෙම නැතුව තමගේ දැනුම පුළුල් කරගන්න කිසිම උවමනාවක් නැහැ.

      Delete
  3. උඩින් හිරු කියලා තියෙන දේවල් වලට එකඟයි. මම වඩාත් කැමති ඔයා ඉන්න තැනයි. මේක වෙනස් කර ගන්න එපා. ඕක තමයි යතාර්ථය. මම බැංකොක් යුනිවසිටි ළමයි හවසට කරන වඩාත්, කොළඹ කැම්පස් ළමයි හවසට කරන වැඩත් එකම කාලෙක දැකලා තියෙනවා. බැංකොක් ළමයි හවසට කීයක් හරි හම්බ කර ගන්නකොට, අපේ කැම්පස් ළමයි ගෙදරින් දෙන සල්ලි හරි මහපොළ සල්ලි වලින් හරි යැපිලා හවසට වර්ජන සංවිධානය කරනවා. වඩා සාර්ථක කවුරුද ? ලංකාවේ රජය වෙනස් වුනාද ? නෑ. බැංකොක් කැම්පස් ළමයින් ගැන මගේ පොස්ට් වල කියලා තියෙනව.

    සමාජයේ ඕනෑම කෙනෙකුට මට කියන්න තියෙන්නේ තමන්ගේ කාලය ඵලදායි ලෙස භාවිතා කරන්න කියන එක. ඔය උඩින් නිකම්ම ඕකේ කියලා ඉන්න කතන්දර ශූරීන් වුනත් මේ කථාවට එකඟ වෙයි.

    ReplyDelete
    Replies
    1. මටත් යථාර්තය තේරුම් ගන්න සැහෙන්න කල් ගියා. වර්ජන නිසා විශ්වවිද්‍යාල වහපු කාලේ නාස්ති වුණ කාලය ගැන ඇත්තටම දුකයි. ඒත් දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. ඉදිරියට කරන දේයි වැදගත්.

      ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් සල්ලි නෑ කියකියා කරන සල්ලි නාස්තිය ගැන ඇත්තටම දුකයි. අල්පයක් දෙනා හැරුණුකොට අනිත් බොහෝ දෙනා වියදම් කරන්නේ දෙමව්පියන්ගේ එහෙම නැත්තම් මහපොළ සල්ලි. ගිය අවුරුද්දේ වර්ජන කාලේ අපේ බැච් එකේ එකම එක ළමයෙක් විතරක් එයාපෝට් හයර් ගිහින් සල්ලි හොයාගෙන තිබුනා. ඒත් ඒ ළමයා සල්ලි අමාරු ළමයෙක් නෙවෙයි. ඒකයි වැදගත්. අනිත් ගොඩක් ළමයි ගෙදර වෙලා ආණ්ඩුවටයි කැම්පස් වලටයි බැන බැන හිටියා මිසක් වෙන ප්‍රයෝජනවත් වැඩක් කරලා නෑ. ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගෙයි වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන්ගෙයි වෙනස ඒකයි.

      Delete
  4. මම නම් කැම්පස් යන්න බැරි උනාට දුකයි. මොකෝ නොගියට ඒ දේ වින්ද නිසා.. ඇත්තටම සියළුම දරුවන්ට ලැබිය යුතු අවස්ථාවක්.. ඒත් අද කැම්පස්වල එදා උන්න වීරයෝ නෑ.. වීරයෝ මරලද, මැරිලද, දිවි නගගෙනද කියන එක සොයා බලන එක, ඔහේලගේ කාර්යයක්...

    දිගටම ලියන්න.. ඒ ගැනම... ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. දැන් කැම්පස් වල වීරයෝ නහැ. ඉන්න වීරයන් එකම ආකෘතියකට හිර කරලා ඉන්නේ. ඒකයි ඉස්සර වීරයන්ගෙයි දැන් වීරයන්ගෙයි වෙනස.

      Delete
  5. මගේත් හීනයක්.. මොකක් ද ? කැම්පස් යන එක. ඒත් මම අහපු දැකපු විදියට මේ දේවල් වෙනස්ම විදියට සිද්ධ වෙන්නේ. ඇත්ත මාත් ඔය දේවල් ගැන එලියට වෙලා නොගිහින් ලිව්වා.. දැකපු විදියට. මගේ අක්කා මගේ යාලුවෝ කියපු විදියට..
    නෑ.. මිනිස්සුන්ට විප්ලවය අවශ්‍යයි. හැබැයි කැම්පස් එකේ අයියලා විප්ලවය යොදා ගන්න විදියයි වැරදි...
    rag දීලා, බලෙන් නිදහස අරගෙන ළමයින්ට වදයක් වෙන්න හොඳ නැහැ. එයාල කියන්නේ එකෙන් පෞෂත්වය වැඩෙනවා කියලා. මමනම් දකින විදියට ඕකෙන් වෙන කෙහෙල් මලක් නැහැ. ඔය විප්ලව කාරයෝ හැම එකාම ඕකෙන් එලියට බැස්සාම තමන්ගේ ගෑනියි දරුවොයි ගැනයි හිතන්නේ. ඊට පස්සේ ඔතන විප්ලව කරලා කෙලගත්තු බහුතරයක් කරන්නේ හොරා කන එක. ඔය දේශපළුවොත් බහුතරයක් ඉස්සර හොඳ සමාජවාදියෝ නෙව.

    ReplyDelete
    Replies
    1. රැග් එක නිසා වැඩෙන පෞරුෂත්වයක් නැහැ. කොන්දක් තියන ළමයිගෙත් කොන්ද කඩලා දාන එකයි වෙන්නේ. රැග් එකෙන් නිර්මාණය කරන්නේ ජේෂ්ඨ සිසුවන්ට එහෙයි කියාගෙන ඉන්න පිරිසක්. ඒ නිසා තිබෙන පෞරුෂත්වයත් නැතිවෙලා යන එකයි වෙන්නේ.

      කැම්පස් එකෙන් එළියට ආවාම කවුරුත් එකයි. නොනැවතී දුවන රැල්ලේ කොටස් කාරයෙක් වෙනවා තමන්ටත් නොදැනීම. එතකොට් ඔය දේශපාලනේ නිකන්ම අතෑරිලා යනවා.

      Delete
  6. Replies
    1. මේ ලින්ක් එක වැඩ කරන්නේ නහැ.

      Delete
  7. මෙතන තියෙන්නෙ පක්ශ දෙශපාලනය රින්ගල සිදුවෙච්ච විනාශයක්.ලමයි පිකට් කරන්නෙ ලමයින්ගෙ අවශත වෙනුවෙන් නෙමෙයි පක්ශ්වල උවමනවන්ට අනුව.තව මට දෑනිල තියෙනව සිමා වගෙ විබග තියෙන කලීට හුගාක් වෙලාවට කොහොමහරි වහගන්න

    ReplyDelete
    Replies
    1. ඔය පිකට් වලට සෙනග ඇදලා ගන්නේ බලෙන්මයි. ගොඩක් වෙලාවට පිකට් එක තියෙන්නෙ මොකටද කියලවත් යන ළමයි දන්නේ නෑ. බෝඩ් එකෙන් මූණ වහගෙන ඉඳලා එන එකයි කරන්නේ.

      Delete